විග්නේෂ්වරන් දෙමල සන්ධානය දෙකඩ කරයි ?

දෙමල ජාතික සන්ධානයට එරෙහි නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා තීරණය කර තිබෙනවා.
ඒ දෙමල ජාතික සන්ධානය විසින් යළිත් උතුරු මහ ඇමති අපේක්ෂකත්වය විග්නේෂ්වරන් මහතාට ලබා නොදීමට තීරණය කිරීම සමගයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඊ පී ආර් එල් එෆ් සංවිධානයේ මහ ලේකම් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සදහන් කළේ උතුරේ මහ ඇමතිවරයාට දෙමල සන්ධානයට අභියෝග කරමින් දැවැන්ත දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතින බවයි.
ඒ සදහා පක්ෂ හා සංවිධාන රැසකගේම සහාය හිමිවන බවද ඔහු සදහන් කරනවා.
මේ වන විට උතුරු පළාතේ සියයට 80ක පමණ දැවැන්ත බලයක් දෙමල ජාතික සන්ධානය සතු අතර එය දෙකඩවීම මේ හරහා සිදුවනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.