විග්නේස්වරන් TNA හැර යයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සීගවීගවිග්නේස්වරන් මහතා දෙමල ජාතික සන්ධානයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට අදාළ ලිපිය මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදෙමින් විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරියේදී දෙමල ජනතා පක්ෂය හරහා සිය දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය සමයේ දෙමල ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය පිළිබද අවධානයෙන් බලා සිට තමන් මෙම තීරණය ගත් බවයි විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.