විජිතපුර බලකොටුව යළි ඩොසර් කළ බවට චෝදනාවක්

දුටුගැමුණු කුමරු සහ එළාර රජු අතර සටන සිදුවූ විජිතපුර බලකොටුව හා සම්බන්ධ බැලුම්ගල නම් ස්ථානය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන අතරේම විජිතපුර බලකොටුවට අයත් තවත් පුරාවිද්‍යා ස්ථානයක ඩෝසර් කිරීමක් පිළිබඳව ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරනවා.

මේ සිද්ධියට බෞද්ධ භික්ෂුවක් සම්බන්ධ බවටයි එම අනාවරණයේ දැක්වෙන්නේ. එම ප්‍රදේශයේ පිහිටි දුටුගැමුණු ආරන්‍ය සේනාසනයට පාරක් කැපීමේ මුවාවෙන් මෙම පුරාවිද්‍යා සංහාරය සිදු කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදුව නැති බවද සදහන්.

මෙම සංහාරය කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මුදල් ගෙවා සිදු කරන ලද්දක් බවට විශ්වාස කළහැකි තොරතුරු ඇතැයි ද ප්‍රදේශවාසීන් සදහන් කරනවා.

එහෙත් එම ආරන්‍යය පාර්ශවයට අයත් පිරිස් ප්‍රකාශ කරනුයේ මෙය පුරාවිද්‍යා රක්ෂිතයක් නොවන අතර එය ජනතාව කුළුගැන්වීම සඳහා ඇතැමුන් විසින් ගොතන ලද ප්‍රබන්ධයක් බවයි.

මෙම මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දැනුවත් කොට ඇතැයි ද එම ආරංචි මාර්ග මගින් වැඩි දුරටත් සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *