විදුලි ගාස්තු වැඩිවීමක් නෑ

ඉන්ධන ගාස්තු ඉහල නැංවුවද විදුලි ගාස්තු කිසිදු අයුරකින් වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා සදහන් කළේ රජය ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.ඒ අනුව දැනට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු කිසිදු සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

අපි ලෝක වෙළදපොලෙහි විවිධ උච්චාවචනයන්ට මුහුණ දෙමින්, අපේ රටේ ආර්ථිකය සවිමත්ව ගෙනයන්න කටයුතු කරනවා. එහිදී ජනතාවට අඩුම බරක් ඇතිවන ආකාරයට තමයි අපි කටයුතු කරන්නේ… ඉන්ධන මිළ වැඩි කිරීමේදී අපි කටයුතු කලේ ඒ ආකාරයෙන්..ඒ නිසා අපි විදුලි මිල වැඩි කිරීමේ තීරණයක් ගෙන නැහැ..අපි උත්සාහ කරන්නේ ජනතාවට උපරිම සහනය ලබාදීමටයි.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22