විදෙස් ටෙලිනාට්‍ය සදහා වන බද්ද ඉහල යයි

පිටරටින් ආනයනය කර හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය/චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරන ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 90000 සිට 150 000 දක්වා වැඩිකර තිඛෙනවා.

මෙරට රූපවාහිනි මාධ්‍ය තුල විකාශය කෙරෙන විදේශ ටෙලිනාට්‍ය / චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකික සම්ප්‍රදාය / අනන්‍යතාව හා ආචාර ධර්මවලට පටහැනි බව නිරීක්ෂණය වන බැවින් එම හානිය අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ඉදිරිපත්වූ ඉල්ලීම් අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහෙත් සිංහල / දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවෙන් නිෂ්පාදනය කරන ලබන ටෙලිනාට්‍ය
/ චිත්‍රපටවල මුල් පිටපත් හඬකවා නොමැතිනම් ඒවාට මෙම ගාස්තු අයකිරීම අදාළ වන්නේ නැහැ.