You are here
Home > විදෙස්ගත ලාංකිකයින්ට > විදෙස් රැකියා කර යළි ආ ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ආධාර

විදෙස් රැකියා කර යළි ආ ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ආධාර

විදේශ රැකියා කර අවසන් වී මෙරටට පැමිණ ස්වයං රැකියාවල නියුතු වන ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව අලුතින් ආරම්භ කර පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා රු 25000ක උපරිමයකට යටත්ව ස්වයං රැකියා ආධාර ලබා දෙන බවයි කාර්යාංශය නිවේදනය කළේ.
මේ යටතේ ආධාර ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලදී පවත්වා තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනයේ ගාල්ල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභින් 10 දෙනෙකු සඳහා රු187,292.00ක් වටිනා ස්වයං රැකියා ආධාර ලබාදී තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 33 දෙනෙකු සඳහා රු 711,599.87 ක ස්වයං රැකියා ආධාර ලබාදුන් බවයි කාර්යාංශය නිවේදනය කරන්නේ.

Top