විදෙස් ශ්‍රමිකයින්ට අයවැයෙන් සහන නිවාස ණයක්


විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට සහනදායී කොන්දේසි මත නිවාස ණය ක්‍රමයක් හදුන්වාදීමට අය වැය මගින් කටයුතු කර තිබෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ සිහින මාළිගා නමින් මෙම නිවාස ණය හදුන්වා දෙන බවයි.
ඒ අනුව මිලියන 10ක් දක්වා වන උපරිම ණය මුදලක් මේ යටතේ ලබාදෙන අතර ඒ වෙනුවෙන් අඩු පොලී අය කිරීමට නියමිතයි.
එසේම වසර 2ක ණය සහන කාලයක් හා ණය ගෙවීමට වසර 15ක්ද මේ යටතේ ලබාදෙන බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.