You are here
Home > ප්‍රධාන-පුවත් > විධායකය අහෝසි කරන්න ඒකාබද්ධ විපක්ෂයෙන් කොන්දේසි

විධායකය අහෝසි කරන්න ඒකාබද්ධ විපක්ෂයෙන් කොන්දේසි

ඒකාබද්ධ විපක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහාය දෙන්නේ එම සංශෝධනය සම්මත වූ වහාම මැතිසබය විසුරුවා හැරීමට රජය එකඟ වන්නේ නම් පමණක් බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි. ඒ යෝජනාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 2/3ක බහුතරය අවශ්‍ය වනවා. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 54 දෙනාගේ සහයෝගය තීරණාත්මක සාධකයක් ලෙසයි සැලකෙන්නේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දීර්ඝ ලෙස සාකච්ජා කිරීමෙන් පසු මෙම තීරණයට එළඹ ඇති බවයි අදාළ වාර්තා අනාවරණ කරන්නේ.

Top