You are here
Home > ආසන්න-පුවත් > විමල්ට කතානායකවරයාගෙන් දැඩි අවවාදයක්

විමල්ට කතානායකවරයාගෙන් දැඩි අවවාදයක්

පාර්ලිමේන්තුව තුල විනය ආරක්ෂා කර ගන්නා ලෙස කතානායක කරු ජයසුරිය මහතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද තරයේ අවවාද කළා.
ඒ වීරවංශ මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් ඇදීම සඳහා කිහිපවරක් මයික්‍රෆෝනය ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් ශබ්ද නගා කතානායකතුමෝ යයි කෑ ගැසූ අවස්ථාවේදීයි.
එහිදී මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය රීතී ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වාදුන් කතානායකවරයා මෙම අවවාදය නිකුත් කළා.

‘මේක ශීලාචාර ස්ථානයක්.. පාර්ලිමේන්තුව විගඩමක් කරගන්න එපා.. ඉස්සෙරලාම මට කතා කරන්න දෙන්න …ඔබතුමා වාඩි වෙන්න මං තුන්වෙනි වතාවට කියන්නේ….

Top