You are here
Home > ආසන්න-පුවත් > විශ්වසභංගයට අත්සන් කළ අය ඇමති ධූරවලින් යා යුතුයි / අලවතුවල කියයි

විශ්වසභංගයට අත්සන් කළ අය ඇමති ධූරවලින් යා යුතුයි / අලවතුවල කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ සියලු මන්ත්‍රීවරු එක්වී සිටින බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජය නියෝජනය කරන අමාත්‍යවරු 4 දෙනකු මේ සදහා අත්සන් තබා ඇති බැවින් ඔවුන්ට තවදුරටත් අග්‍රාමාත්‍යවරයා යටතේ ඇමති ධූර දැරීමේ සදාචාරාත්මක ගැටලුවක් පවතින බවයි.
අප්‍රේල් 4 වනදා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමෙන් පසු එම අමාත්‍යවරුන් ගෞරවාන්විතව ධූරවලින් ඉවත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සදහන් කළා.
මේ වන විට විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වැඩිම හඩක් නංවන පිරිස අතරට පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලයිස්තුවේ පිහිටෙන් පාර්ලිමේන්තු පිවිස ඇමති ධූර ලබාගත් පිරිස වන බවද මෙහිදී අවධාරණය කෙරුණා.
ජන්ද පදනමක් නොමැති එම පිරිස නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුධය වසන් කර ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉලක්ක කර ගනිමින් මෙසේ අදහස් පල කරන බවටයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
එම පිරිස්වලට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ මැවියනොහැකි බවත් පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සදහා පිටස්තර පරාජිත පාර්ශවයන්ට මැදිහත්වීමට ඉඩක් ලබා නොදෙන බවත් ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.
පසුගිය සමයේ රජය තුල මතුවූ විවිධ අර්බුධ මැවීමේ සැලසුම් කරුවන් ලෙසද මෙම පරාජිත පාර්ශවයන් කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ.
ඒ අනුව නියත ලෙසම විශ්වාසභංගය පරාජය කරන අතර කොන්ද පණ ඇත්නම් ඇමති ධූරවලින් ඉවත්ව විශ්වාසභංගය පිළිබද කටයුතු කරන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට සහාය පල කර ඇති රජයේ පාර්ශවකරුවන්ට දැනුම් දෙන්නේ.

Top