You are here
Home > ආසන්න-පුවත් > විශ්වාසභංගය ගැන එජාපයෙන් එකගතාවක් /2020 අපේක්ෂකයාත්?

විශ්වාසභංගය ගැන එජාපයෙන් එකගතාවක් /2020 අපේක්ෂකයාත්?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන බව කියන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණය කර තිඛෙනවා.
ඒ අනුව මේ සදහා එක්ව මුහුණදීමටයි ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.
මෙහිදී දහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරු ප්‍රකාශ කර ඇත්තේ මීළග ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වීම අනිවාර්ය විය යුතු බවයි.
මෙහිදී රුවන් විජයවධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ වාර්තාව ද අගමැති රනිල් වික්රමසිංහ මහතාට භාර දී තිඛෙනවා.
එම වාර්තා කඩිනමින් ක්‍රීයාත්මක කරන ලෙසයි කමිටුව ඉල්ලීමක් කර ඇත්තේ.
ඒ අනුව බොහෝ විට එක්සත් ජාතික පක්ෂයේ සභාපති / ලේකම් / හා නායකත්වය ඉදිරි දිනවලදී වෙනස්වනු ඇති බව අදාළ වාර්තා අනාවරණ කරනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top