විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 7 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ඒ ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි සැලකෙන මූල්‍ය අවභාවිතයන් සම්බන්ධයෙන් නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පිරිසට මෙහිදී ඇප නියම කෙරුණු අතර ඒ මුදලින් රුපියල් ලක්ෂය බැගින් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප ‌‌දෙකක් මතයි.