You are here
Home > ආසන්න-පුවත් > විස්ස මැයි 3න් වන සතියේ පාර්ලිමේන්තුවට

විස්ස මැයි 3න් වන සතියේ පාර්ලිමේන්තුවට

විධායක බලය අහෝසි කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස 3 වන සතියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට සහතික ලෙසම ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරනවා.
ඔහු මේ බව කියා සිටියේ බී ආර් සී පිටියේදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය අමතමින්.
එසේ මැයි මස 3 වන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එම 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය උපරිම ලෙස ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මතවාදය සකස් කරන අතරම ඒ පිළිබඳව මේ රටේ සියලු දෙනා සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය සූදානම් බවද දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඇතැමුන්ට මේ පිළිබඳව ඇත්තේ පටු දේශපාලන බල වුවමනාවක් බවත් එවැනි බොරු බිල්ලන්ට බයේ සිය පක්ෂය කිසිවිටෙකත් එය හකුලා ගැනීමට සූදානම් නැතැයිද මන්ත්‍රීවරයා අවධාරණය කරනු ලැබුවා.

Top