විසුරුවා හැරීමට එරෙහි අතුරු නියෝගය සෙනසුරාදාට දික්වෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය දෙසැම්බර් 08 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අගවිනිසුරු නලීන් පෙරේරා මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසිනුයි නියෝගය නිකුත් කළේ.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදා (දෙසැම්බර් 07) දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී තීන්දු කළා.