විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය තවදුරටත්

3/2 බහුතරයේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ වසර හතරහමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිවරයාට බලය පැවතියද ඒ හැරුණු විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී නැතැයි ජනාධිපති නීතිඥ ඊ.කනකේෂ්වරන් මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හා ඒ යටතේ කටයුතු කිරීමට බැදී සිටින බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරු  ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවේදීයී නීතීඥවරයා මේ බව කියා සිටියේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එහි සෙසු විනිසුරුවරුන් ලෙස ‍බුවනෙක අළුවිහාරේ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කටයුතු කරනවා.