වීරවංශගේ පාර්ලිමේන්තු බෝම්බය පත්තුවෙයි

පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට විමල් වීරවංශ මහතා ඇතුලු විපක්ෂ මන්ත්‍රිවරුන් 3 දෙනෙකු සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කටයුතු කළ හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා අද දැනුම්දුන්නා.
කථානායකවරයා මේ බව සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේ කළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර ලෙසයි.
ඒ අනුව අදාළ තීන්දු ඉදිරියේදී ගැනෙනු ඇති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.