වෝන් , ස්මිත් හා වර්නර් ඉල්ලයි

වසරක තරග තහනමකට ලක් කර සිටින ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් හා උපනායන ඩේව්ඩි වර්නර් වහාම කණ්ඩායමට කැදවන්නැයි එරට හිටපු සුපිරි දග පන්දු යවන්නා වන ෂේන් වෝන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වර්නර් හා ස්මිත් නොමැතිව ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ දැඩි පසුබෑමක් දිස්වන බවයි.
තරග තහනමකට ලක්ව සිටියද තවත් ජාත්‍යන්තර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 5ට මෙම සුපිරි ක්‍රීඩකයින් දෙදෙනා ඇතුලත්ව සිටිනවා.
ඉදිරියේදී සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන එංගලන්තයට එරෙහි තරගාවලි සදහා නොබියව එක්වීමට නම් ස්මිත් හා වර්නර්ට පනවා ඇති තහනම ඉවත් කළ යුතු බවයි සුපිරි ක්‍රීඩකයා සදහන් කරන්නේ.