ශ්‍රීලනිපය – ඒකාබද්ධය එක්වීම ගැන අවසන් තීරණය හෙට

පළාත් පාලන මැතිවරණය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් නොවැම්බර් මස 03 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිඛෙනවා.

මෙම සාකච්ඡාවේ දී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ තීරණ රැසක් ගැනීමට නියමිත අතර පක්ෂයේ සංවිධායකවරුන්ට එම සාකච්ජාව අනිවාර්්‍ය කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්විමක් හෙට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගී වන්නේ ද යන්න පිළිබද එහිදී තීරණය කිරීමට නියමිතව තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *