ශ්‍රීලනිපය හා පොහොට්ටුවෙන් සන්ධානයක් / නායකයා මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව නව සන්ධානයේ නායකත්වය හිමිවන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බවයි නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ.
මෙමගින් නිදහස් පක්ෂය විනාශ නොවන්නේදැයි මාධ්‍යවේදීන් විමසීමක් සිදුකළ අවස්ථාවේ මහලේකම්වරයා කියා සිටියේ එවන් තත්ත්වයක් හට නොගන්නා බවයි.