ශ්‍රීලනිපෙට එක්වෙන්න ඒකාබද්ධයෙන් කොන්දේසි 7ක්

පළාත් පාලන මැතිවරණෙය්දී සිය සහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කොන්දේසි හතක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර ඛෙනවා.

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගැනීමට අදාළව මහලේකම් දුමින්ද දිසානයක මහතා යොමුකළ ලිපියට පිළිතුරු යොමුකරමින් ඒකාබද්ධ විපක්ෂය මේ බව සදහන් කළා. මේ ඊට අදාළ ලිපියයි.

ඡන්දය ජයග්‍රහණය කිරීම අපගේද අභිලාශය වේ. එසේ කිරීමට නම් අපි අපේ බිම් මට්ටමින් පාක්‍ෂිකයන්ගේ මෙන්ම මහජනතාවගේද විශ්වාසය දිනාගත යුතු වේ. අපගේ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධාන ගතවී, එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනතාවට ඒත්තුගන්වන තුරු එවැනි විශ්වාසයක් අපට රට තුළ ඇති කිරීමට නොහැක.

අප එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එජාපය සමඟ මේ ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා සාරධර්මයන් වෙත නැවත යෑම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකිමු. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාමර්ග ක්‍ෂණිකව ගත යුතු බව අප සියළුදෙනාගේම දැඩි විශ්වාසයයි.

1.එක්සත් ජාතික පක්‍ෂය සමඟ කරන මේ හවුල් ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත්විය යුතුය.

2.දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.

3.ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය මන්ත්‍රීවරු ඉවත් වී එයට එරෙහි විය යුතුය.

4. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.

5. රට ෆෙඩරල් කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියන් ශ්‍රිලනිපය වහාම ඉවත්විය යුතුය.

6.දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.

7. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *