You are here
Home > ප්‍රධාන-පුවත් > ශ්‍රීලනිප ඇමතිවරු අද කැබිනට් වර්ජනයක / ආණ්ඩුව ගැන තීරණය හෙට

ශ්‍රීලනිප ඇමතිවරු අද කැබිනට් වර්ජනයක / ආණ්ඩුව ගැන තීරණය හෙට

අද පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
අඅග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී ජන්දය ලබාදුන් නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර හෙට පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තවදුරටත් නිදහස් පක්ෂය ආණ්ඩුවේ සිටින්නේද යන්න පිළිබද අවසන් තීන්දුව ගැනීමට නියමිතයි.මේ අතර නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනා කර ඇති අතර අමාත්‍ය එස් බී දිසානායක මහතා එය ස්ථිර කර තිබෙනවා.

Top