ශ්‍රීලනිප ඇමති 16 කට එරෙහිව එජාපයෙන් හෙට විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සදහන් කළේ හෙට දිනයේදී මෙම විශ්වාසභංගය කථානායකවරයා වෙත භාර දෙන බවයි.
මෙසේ විශ්වාසභංගයක් ඉදිරිපත් කරනු ලබන්නේ පහත නම් සදහන් අමාත්‍යවරුන්ටයි.

දයාසිරි ජයසේකර
එස් බී දිසානායක
සුසිල් ප්‍රේම්ජයන්ත්
අනුර යාපා
චන්දිම වීරක්කොඩි
ජෝන් සෙනවිරත්න
තිලංග සුමතිපාල
සුමේධා ජී ජයසේන
ලක්ෂ්මන් යාපා
ටී බී ඒකනායක
ඩිලාන් පෙරේරා
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
අනුරාධ ජයරත්න
සුසන්ත පුංචි නිලමේ
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
තාරානාත් බස්නායක


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22