Press "Enter" to skip to content

ශ්‍රීලනිප ඇමති 4ක් පත් කරන්න ජනපතිට යෝජනාවක්


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුගෙන් යුත් නම් අමාත්‍යධුර ලබාදීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කරනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගාමිණී විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම් ෆවුසි යන මහත්වරුන්ට මෙසේ අමාත්‍ය ධූර ලබාදීමටයි යෝජනා කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේය යන පදනමේ සිට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි කරන ලෙසට ඉල්ලා එම යොජනාව ඉදිරිපත් කර තිබෙනවා..

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරිමට සහ ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බවට ප‍්‍රකාශ කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කළා.
එහෙත් මේ පිළිබද ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නිල ප්‍රතිචාරයක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැති බවද සදහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න