You are here
Home > ආසන්න-පුවත් > ශ්‍රීලනිප තවත් 10ක් ආණ්ඩුවෙන් යන සාකච්ජාවක

ශ්‍රීලනිප තවත් 10ක් ආණ්ඩුවෙන් යන සාකච්ජාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ තවත් මැති ඇමති පිරිසක් ඉන් ඉවත්වී 16 කණ්ඩායමට සම්බන්ධවීමට සාකච්ජා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමට අයත් මාධ්‍යයට සම්බන්ධ මන්ත්‍රීවරයකු මුල් කර ගනිමින් මෙම සාකච්ජා ක්‍රියාත්මක වන බව සදහන්.
ඒ අනුව බොහෝ විට ඉදිරි කාලය තුල තවත් 10 දෙනකු ස්වාධීන මන්ත්‍රීවරුන් වශයෙන් නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමග පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි එම වාර්තා සදහන් කරන්නේ.
පවත්නා දේශපාලන වාතාවරණය තුල නිදහස් පක්ෂයේ රැදී සිටීමෙහන් ඉදිරි මහ මැතිවරණයේදී තමන්ගේ පාර්ලිමේන්තු නියෝජනය අවධානමකට ලක්වීමේ හැකතියාවද මෙම මන්ත්‍රීවරුන් සලකා බලමින් සිටින බව දැක්වෙනවා.
මෙම තීරණය සමග ජාතික ආණ්ඩුව අර්බුධයකට ලක්වීම මෙන්ම නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමද සිදුවිය හැකි බවයි විශ්වාසනීය වාර්තා අනාවරණ කරනු ලබන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top