ශ්‍රීලනිප මැති ඇමති පිරිසක් ස්වාධීන වීමට සූදානම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒකාබද්ධ විපක්ෂයේද සහයෝගය ඇතිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීමට ගත් උත්සාහය යම් යම් හේතු නිසා ව්‍යර්ථ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සදහන් වන්නේ.
අගමැතිවරයාට විරෝධය පල කිරීමක් ලෙසයි මෙම තීරණයට එළඹ ඇති බව කියවෙන්නේ.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක් නොවන අතර ජනාධිපතිවරයාට අවශ්‍ය අවස්ථාවලදී සහාය දක්වනු ඇති බවයි සදහන් වන්නේ.