ශ්‍රීලනිප සන්ධානය අභියෝගයක් නොවේ/ ඇමති අජිත් පී පෙරේරා


නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධානගත වුවද ඉදිරි මැතිවරණයකදී එය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් වත්මන් ආණ්ඩුව සමග එක්වීමට නියමිත බවයි.

ඒ අනුව කවර සන්ධානයක් බිහිවුවද එය එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.