ශ්‍රීලනිප 16ක් ස්වාධීන වෙන්න අවසර ඉල්ලයි

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී යෝජනාවට පක්ෂව ඡන්දය දුන් නිදහස් පක්ෂ ඇමැතිවරුන් 16 දෙනා රජයෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්.
ලබන සතියේ මාධ්‍යම කාරක සභාව කැඳවා තීන්දුවක් ගන්නා තෙක් තවදුරටත් අමාත්‍ය ධූරවල රැදී සිටින ලෙස ජනාධිපතිවරයා එම අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.