You are here
Home > ආසන්න-පුවත් > ශ්‍රීලනිප 16 කණ්ඩායම ආණ්ඩු පෙරළීමේ මෙහෙයුමක

ශ්‍රීලනිප 16 කණ්ඩායම ආණ්ඩු පෙරළීමේ මෙහෙයුමක

එක්සත් ජාතික පක්ෂය නොමැති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව එම කණ්ඩායමේ මන්ත්‍රීවරු මේ වන විටත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ඒ  අනුව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇතැයි එම වාර්තා හෙළිකරනවා. මෙම කටයුතු අවසන්වීමෙන් පසුව ජාතික ආණ්ඩු ගිවිසුම අවලංගු කරමින් තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කර බවයි එහි ප්‍රකාශකයකු සදහන් කළේ.

Top