You are here
Home > ආසන්න-පුවත් > ශ්‍රීලනිප 16 කණ්ඩායම හා මහින්ද අතර එකගතාවයක්

ශ්‍රීලනිප 16 කණ්ඩායම හා මහින්ද අතර එකගතාවයක්

ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් ඉදිරියේදී විපක්ෂයේ කටයුතු කරගෙන යෑමට ඇමති ධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එම මන්ත්‍රී කණ්ඩායම ඊයේ පැවැත්වූ සාකච්ජාවේදීයි මෙම එකගතාවයට එළඹ ඇත්තේ.
ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන රටට අහිතකර අණපනත්වලදී ඒවාට විරුද්ධව කටයුතු කිරීමටත් හිතකර පනත්වලදී ඊට සහයෝගය ලබාදීමටත් මෙහිදී එකඟවී තිබෙනවා.
මේ වන විට ‍පොහොට්ටුව යටතේ පුළුල් සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එවැනි සන්ධානයක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට විපක්ෂයේ කණ්ඩායමකට බාධාවක් නැති බවයි මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top