ශ්‍රීලනිප 16 ගැන රංජිත් සොයිසා අප්‍රසාදයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 16 දෙනා සමග දේශපාලන ගමනක් යා හැකිදැයි සැක මතුවන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අද ප්‍රකාශ කළා.
ඒ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීරණයේදී මාධ්‍ය හමුවක් කැදවමින්.
එම මන්ත්‍රීවරුන් 16 දෙනා අමාත්‍යවරු ලෙස කටයුතු කළ සමයේ ක්‍රියාකාරකම් පිළිබද ජනතාව කණස්සල්ලෙන් පසුවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් අදාළ මන්ත්‍රීවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බවයි පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *