ශ්‍රී දේවි මිය ගියේ දියේ ගිලීමෙන් බව හෙළිවෙයි-අවසන් කටයුතු කල් යයි

ජනප්‍රිය බොලිවුඞ් රංගන ශිල්පිනී ශ්‍රී දේවි කපූර්ගේ මරණයට හේතුව ඇය නැවතී සිටි සුපිරි හෝටලයේ නාන කාමරය තුල ජල තටාකයක ගිලීම බව අනාවරණ වී තිබෙනවා.
ඒ ඩුබායි පොලිසිය විසින් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවට අනුවයි.
මේ සමග මධ්‍යසාර ද ඇයගේ සිරුරේ පවතින බවටයි තොරතුරු හෙළිකර ඇත්තේ.
මීට පෙර අනාවරණ කෙරුණේ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී දේවි මිය ගිය බවයි.
එහෙත් ඇය ජල තටාකයේ සිටියදී හෘදයාබාධයක් වැළදුණේද / නැතහොත් අධික ලෙස මධ්‍යසාර ලබාගෙන සිටියදී දියේ ගිලුණේද යන්න හා කිසිවකු විසින් ඇය දියේ ගිල්වූයේද යන්න සම්බන්ධයෙන් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම පරීක්ෂණ නිමාවන තෙක් ඇයගේ දේහය භාරදීම පමා වන බවයි ඩුබායි පොලිසිය දන්වා ඇත්තේ.
ඒ අනුව අද පස්වරුවේ ඉන්දියාවේදී ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණද එම කටයුතු කල් දමා තිබෙනවා.
අද රාත්‍රිය වන විට ශ්‍රී දේවි කපූර්ගේ දේහය ඉන්දියාවට ගෙන ඒමට හැකිවනු ඇති බවටයි විශ්වාසය පලවන්නේ.