ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට ස්ත්‍රී දූෂණයක් සිදුවන බව හෙලිවෙයි

සෑම පැය 4කට වරක් ශ්‍රී ලංකාව තුල කාන්තාවක් දූෂණයට ලක්වන බව අනාවරණවී තිඛෙනවා.
සබරගමුව පලාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා මේ බව සදහන් කළේ 2017 ඇගලුම් හා කර්මාන්ත ප්‍රදර්ශණය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
කාන්තාවන් දේශපාලනයට ගෙන ඒමට වැඩි උනන්දුවක් පැවතියද කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් සමාජය තුල නොපවතින බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දෙනවා.
දැනට ලැබී ඇති වාර්තාවන්ට අනුව කාන්තාවන් අතවරයට පත්වීමේ සිද්ධීන්වල වර්ධනයක් පවතින බවයි මාර්ෂල් පෙරේරා මහතා සදහන් කළේ.
ආගමික පූජකවරුන් මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර සමාජය දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.