ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට යාම ස්ථීරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියමිත පරිදි මේ මස අවසානයේ පාකිස්තානයේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
පකිස්ථානයේ ආරක්ෂක වාතාවරණයේ ප්‍රබල වෙනසක් වුවහොත් පමණක් මෙම සංචාරය වැලැක්වෙනු ඇති බවයි ශ්‍රී ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සදහන් කළේ.
දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තානය සමග තරග වැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 29 වෙනි දින ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී විස්සයි විස්ස තරගයකට සහභාගි වීමට නියමිතයි.
2009 මාර්තු 03 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර ඉන් පසු සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම නවතා දමනු ලැබුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial