ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාව හොයන්න රහස් පොලිසිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන හිමිකම ලබාදීමේදී සිදුවීමට ගිය කියන වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිඛෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර නාලිකාවක් සමග ඇති කරගත් ගිවිසුමකදී එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කර ගැනීමට උත්සාහ කර ඇති බවයි අනාවරණවී ඇත්තේ.
එම වංචාව රුපියල් කෝටි 90ක් ඉක්මවන බවද අනාවරණවී තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *