ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට නොඑන හේතුව පාණ්ඩ්යා කියයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරග 2න් තමන් ඉවත්වූයේ සිය කැමැත්තෙන් සිදුකළ ඉල්ලීමක් මත බව ඉන්දීය යොවුන් ක්‍රීඩක හර්දීක් පාන්ඩ්යා පවසනවා.
නිවුස් 18 නාලිකව හා අදහස් දක්වමින් පාණ්ඩ්යා සදහන් කළේ තමන්ට යම් විවේකයක් අවශ්‍යව තිබූ බවයි.
තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබද සුලු සැකයක් තිබූ බැවින් එම ඉල්ලීම සිදුකළ බවයි ඔහු පවසන්නේ.
පසුගිය සමයේ පාණ්ඩ්යා ඉන්දියාව වෙනුවෙන් අඛණ්ඩව එක්දින තරග 30ක් 20 යි විස්ස තරග 25ක් හා ටෙස්ට් තරග 3ක් වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණා.
කෙසේ වෙතත් පාණ්ඩ්යා ජාතික කණ්ඩායමට පැමිණීමට පෙර පලමු පෙල තරග 20 කට හා ඒ කණ්ඩායමේ තරග 50කට අඩු ගණනකටයි දායකවී තිබුණේ.
තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස අඛණ්ඩය තරග සදහා දායකවීම අපහසු කරුණක් බවද පාණ්ඩ්යා සදහන් කර තිඛෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial