ශ්‍රී ලංකා පකිස්ථාන 20 යි 20 හටන අද ඇරඹෙයි

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. ඒ අනුව අබුඩාබිහීදී අද තරගය පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියට ක්‍රීඩා කළ තිසර පෙරේරා සමග සදීර සමරවික්‍රම, ළහිරු ගම‍ගේ, සීකුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩේසේ විස්සයි20 තරග බිමේ පළපුරුදු ක්‍රීඩකයන් වන ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියංජන, මහේල උඩවත්ත, සචිත් පතිරණ, ධනුෂ්ක ගුණතිලක, විකුම් සංජය, ඉසුරු උදාන සහ යොවුන් ක්‍රීඩක මිනෝද් භානුක /තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක යන ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලත්ව සිටිනවා.

විස්සයි20 තරගබිමේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයන් රැසක්ම අද ශ්‍රී ලංකා පිල නියෝජනය කරන බැවින් එක්දින තරගාවලියේ ලැබු විශිෂ්ට ජයග්‍රහණය තව දුරටත් රඳවා තබා ගැනීමේ පාකිස්තානු බලාපො‍රොත්තුව එතරම් සාර්ථක වනු ඇතැයි සිතිය නොහැකි බවයි විචාරකයින් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ පිතිහරඹය විශේෂයෙන් දනුෂ්ක ගුණතිලක හා ඩිල්ෂාන් මුණවීර මත රැඳී ඇති අතර පළපුරුද්දෙන් තොර පිතිකරු පෙලේ තිසර පෙරේරා විනාශකාරී පිතිකරුවෙකු ලෙස හදුන්වනු ලබනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial