ශ්‍රී ලන්කන් කොමිසම ප්‍රකාශ 44ක් අරන්

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්/ සීමාසහිත ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා ආයතනවල සිදු වී තිබෙන වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන කණ්ඩායම මේ වන විට විවිධ පුද්ගලයින් හතළිස් හතර 44 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සදහන් කළේ එම ආයතනවල සේවක සේවිකාවන්ගෙන්ද මීට අදාළ ප්‍රකාශ ලබාගන ඇති බවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ කණ්ඩායමේ නීති උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ලෝරන්ස් මහතා ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම විසින් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
අධ්‍යයනවලින් අනතුරුව ප්‍රකාශ සටහන් කරගත යුතු පුද්ගලයින් පිළිබඳව තීරණය කරනු ලබන අතර තවත් පුද්ගලයින්ගේ ප්‍රකාශ ලබාගැනීම ඉදිරියේදී සිදුවන බවයි ආරියදාස කුරේ මහතා සදහන් කළේ.