ශිෂ්‍යත්ව විභාගයේ මුල් තැන දිනූවන් මෙන්න

2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ  පළමු ස්ථානය හිමිකර ගැනීමට සිසුන් දෙදනකු සමත්ව තිබෙනවා.
ඒ අනුව පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්මුල විතානගේ  සහ වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ කේ. සනුප දිමත් පෙරේරා ලකුණු 199 බැගින් ලබා ගනිමිනුයි මෙසේ දිවයිනෙන් මුල් තැනට පත්ව ඇත්තේ.

දිවයිනෙන් දෙවන තැන හිමි කර ගත් සිසුන් කිහිප දෙනකුද වන අතර ඔවුන් ලකුණු 198 බැගින් ලබාගෙන තිබෙනවා.
ඒ අතරට මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා / යාපනය හින්දු විද්‍යාලයේ එම් තිගලෝලිබවන් හා චාවකච්චේරිය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නවස්කන් නාති ඇතුලත්.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ 3 වන තැන හිමිකරගෙන ඇත්තේ වව්නියාව ප්‍රාථමික විදුහලේ එච් බාලකුමාර් සිසුවායි.
ඔහු ලකුණු 197 ක් හිමිකරගෙන තිබෙනවා.
මේ අතර ප්‍රතිඵල යළි සලකා බැලීමට අදාළ අයදුම්පත් ලබන 20 වනදා තෙක් යොමුකිරීමට ඉඩ ලබා දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *