සංවර්ධනය ඇස් හැර බලන්න / ජේ සී ඒකාබද්ධයට කියයි

රටේ ආර්ථිකය පෙරට ගෙන යන අතරම සංවර්ධනය හා ජන ජීවිතය නංවාලීම වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ලක්ෂ 100කට ආසන්න මුදලකින් ක්‍රියාත්මක වන මාවතගම මැතිවරණ කොට්ඨාශයේ කහපත්වල උතුර පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින්.
අද වන විට සංවර්ධන කටයුතු සිදු නොවන බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කළද ඇස් හැර බලා සංවර්ධනය දැකගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද අලවතුවල මහතා සදහන් කළා.
රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇද දැමූ පිරිස් අද වන විට යළි බලය ලබා ගැනීම වෙනුවෙන් විවිධ අර්බුධ මවා පෑමට තැත් කළද ඒවා නිෂ්ඵල බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
කුරුණෑගල දිස්ත්‍රික්කය හා මාවතගම ආසනය තුල පැහැදිලි සංවර්ධනයක් අත්විදින ජනතාව මුලා කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවයි ජේ සී අලවතුවල මහතා මෙහිදී කියා සිටියේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21