සනත් නිශාන්ත හා සොහොයුරා යළිත් රිමාන්ඩ්

එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සහෝදරයෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා ජුනි 7 වැනි දා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
පුත්තලම මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතායි නියෝගය නිකුත් කළේ.
හලාවත මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් මහතා අසනීප තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින බැවින් මහාධිකරණ රෙජිස්ටාර් අජිත් ජයසුන්දර මහතා ඉදිරියේ නඩුව කැඳවණු ලැබුවා.
2008 නොවැම්බර් 24 වැනි දා හෝ ඊට ආසන්න දිනක කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සූරසිංහ මහතාට පහර දී රාජකාරියට බාධා කරන ලද බවටයි සැකකරුවන්ට චෝදනා එල්ලවී ඇත්තේ.
සිද්ධියට අදාළව ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා මතයි සැකකරුවන් යළි අත්අඩංගුවට ගනු ලැබුවේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.