සන්ධානයේ සියලු පක්ෂ අද රාත්‍රියේ ජනපති හමුවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජතයින් අද විශේෂ සාකච්ජාවක් සදහා කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙනවා.
නිදහස් සන්ධානයේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා මෙම සාකච්ජාව සිදුකරන බවයි ඊට සම්බන්ධ නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහත.ා සදහන් කළේ.
ඒ අනුව අද රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතයි.
නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය පසුගියදා ගනු ලැබූ තීරණය පිළිබදවද මෙහිදී දැඩි අවධානයක් යොමුකරනු ඇති බව ප්‍රකාශ වනවා.
ඒ ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කිරීමේ තීරණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *