සන්ධාන ගැහුවත් ජනපති අපේක්ෂක පොහොට්ටුවෙන් / ප්‍රසන්න රණතුංග


රටට අවශ්‍ය වන්නේ රට දිනවන සන්ධානයක් මිස පුද්ගලයින් දිනවන සන්ධානයක් නොවන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මිනුවන්ගොඩ උඩුගම්පොලදී පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ජාවකදී රණතුංග මහතා කියා සිටියේ කවර සන්ධාන බිහිකළද පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වරයා ඇතුළු කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා පොහොට්ටුව ශ්‍රී ලංකා එකට ඇදල ආපහු මෛත්‍රී ජනාධිපති කරන්න. නමුත් මේ රටට ආදරය කරන ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහත්තය රටේ නායකයා වෙන්න ඕන කියන එකයි. ඔවුන් රෑ වැටුන වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ. ඒ නිසා දයාසිරිලා කපන වලේ වැටෙන්න අපි ලෑස්ති නෑ.

සන්ධානය පිළිබද අපේ කණ්ඩායම සාකච්චා වලට යන්නේ නිරවුල් මනසකින් හොද අවදානයකින් මෙවර අපව රවටන්න කිසිවෙකුට බෑ. අපේ ජනාධිපති අපේක්ෂකයා අපි තෝරලා ඉවරයි. රටම අපේක්ෂා කරන ඒ අපේක්ෂකයා වෙලාවට මහින්ද මහත්තයා නම් කරාවි.

කවුරු මොනවා කිවුවත් රටේ මීලග නායකයා බිහිවන්නේ පොහොට්ටුවෙන්. ඒක වලක්වන්න ඔය කිසිදු බලවේගයකට බෑ.

වත්මන් ආණ්ඩුව රට විනාශ කලා ආඩපාලි කියන එකයි හොරකම් කරන එකයි ඇරෙන්න කරපු කෙන්ගෙඩියක් නැ. මේ රටේ ජනතාව තමන්ට ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව ගෙදර යවන බව ඉර හද වගේ විශ්වාසයි’


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.