You are here
Home > ප්‍රධාන-පුවත් > සම්බන්ධන් හා අනුරගේ තනතුරු අහිමි වෙයිද ?

සම්බන්ධන් හා අනුරගේ තනතුරු අහිමි වෙයිද ?

විපක්ෂ නායක ආර් සම්බන්ධන් හා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ධූරයන් අහිමි කිරීම සදහා දැඩි පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට මෙම තනතුරු දෙක ලබා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මවන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසන්නේ.
මේ වන විට විපක්ෂනායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට එම ධූර දැරීමට සාධාරණ අයිතියක් නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ඒ අනුව පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු මේ පිළිබද ඉදිරි පියවර ගන්නා බවද රංජිත් සොයිසා මහතා සදහන් කළා.

Top