You are here
Home > ආසන්න-පුවත් > සයිටම් සිසුන් කොතලාවලට ගන්න කැබිනට් අනුමැතිය

සයිටම් සිසුන් කොතලාවලට ගන්න කැබිනට් අනුමැතිය

වසා දමන ලද සයිටම් ආයතනයේ සිසුන් 982 ක් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකටයි.
ඒ අනුව සයිටම් සිසුන්ට සිය වෛද්‍ය උපාධියේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය තුලින් සිදුකිරීමට අවස්ථාව හිමිවනවා.
මේ වන විටත් එම සිසුන් වසර 8කට ආසන්න කාලයක් සිය වෛද්‍ය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කර ඇති බවයි ප්‍රකාශ වන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top