You are here
Home > ආසන්න-පුවත් > සයිබර් ලෝක හොරු දෙන්නෙක් ලංකාවේදී කොටුවෙයි

සයිබර් ලෝක හොරු දෙන්නෙක් ලංකාවේදී කොටුවෙයි

තායිවානයේ වාණිජ බැංකුවක පරිගණකවලට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට ශ්‍රී ලාංකික සැකකරුවන් 2නකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඉන් එක් අයකු ලබන බදාදා වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.
මෙම ලාංකිකයින් විසින් ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්ට මෙම සයිබර් ප්‍රහාරය සදහා උපකාර කර ඇති බව හෙළිව තිඛෙනවා.
සිද්ධියට අදාළව තවත් ලාංකිකයකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
සයිබර් ප්‍රහාරයෙන් පසු ඩොලර් ලක්ෂ 13ක් ශ්‍රී ලංකාවේ ගිණුම් 3කට යොමුකර ඇති බව හෙළිව තිඛෙනවා.
ඉන් රුපියල් කෝටි 3ක් මෙම ලාංකිකයින් විසින් බැංකුවෙන් ලබාගෙන ඇති අතර ඉතිරි කෝටි 8 ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තායිවානයේ පොලිස් හා විමර්ශන අංශ ඒකාබද්ධවයි පරීක්ෂනය මෙහෙයවන්නේ.
මෙම සයිබර් ප්‍රහාරයෙන් පසු වංචා කළ මුදල් ශ්‍රී ලංකාව කාම්බෝජය හා අමෙරිකාවේ බැංකු ගිණුම් කිහිපයක් වෙත යොමුව ඇතැයි අනාවරණවී තිඛෙනවා.
එම මුදල්වලින් බහුතරය යළි සොයා ගැනීමටයි පර්යේෂණ කණ්ඩායම් මේ වන විට සමත්ව ඇත්තේ.
මීට පෙර අවස්ථාවක බංග්ලාදේශයේ රාජ්‍ය බැංකුවකින් මේ ආකාරයෙන්ම ඩොලර් මිලියන 20ක් සයිබර් අපරාධකරුවන් විසින් කොල්ලකා තිබුණා.
ඉන් මුදල් කොටසක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක කාන්තාවකගේ ගිණුම් වෙත යොමුකර තිබියදීයී සොයා ගනු ලැබුවේ.

Top