You are here
Home > විදෙස් > සවුදියේදී තවත් විදෙස් ශ්‍රමිකයකුට මරණ දඩුවම

සවුදියේදී තවත් විදෙස් ශ්‍රමිකයකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවූ බව කියන ඉන්දුනීසියානු ජාතිකයකු සවුදි අරාබියේදී හිස ගලා දමා මරණ දඩුවමට ලක් කර තිඛෙනවා.
මොහොම්මඩ් සහිනී මිස්රින් නැමැත්තකු මෙසේ මරණ දඩුවමට ලක් කර ඇත්තේ ඔහුගේ මව් රට වන ඉන්දුනීසියාවේ රජයට පවා දැනුම්දීමෙන් තොරවයි.
මෙම තැනැත්තාට එරෙහි චෝදනා නිසි පරිදි විභාග වී නොමැති බවටද චෝදනා එල්ලවනවා.
එහෙත් සැකකරු 2008 වසරේදී සිය සවුදි හාම්පුතා ඝාතනය කර ඇති බවටයි චෝදනා එල්ලකර තිබුණේ.
මේ අතර තම රටවවැසියකු මෙසේ ඝාතනය කිරීම පිළිබද ඉන්දුනීසියාව සවුදි අරාබියට දැඩි අප්‍රසාදය පලකර තිඛෙනවා.
එරට රජය පවසන්නේ මෙය දෙරට අතර සබදතාවයන්ටද අහිතකර ලෙස බලපානු ඇති බවයි.
ඝාතනයවූ ශ්‍රමිකයාගේ පවුල වෙත ඉන්දුනීසියානු ජනාධිපතිවරයාද කණගාටුව පල කර තිඛෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top