You are here
Home > විදෙස් > සවුදියේ අද සිට සිනමා ශාලා විවෘතයි

සවුදියේ අද සිට සිනමා ශාලා විවෘතයි

35 වසරකට පසු ප්‍රථම වරට අද සෞදි ආරාබියේ සිනමා ශාලාවක් විවෘත කෙරෙනවා.

ඒ අනුව අද සිට එරටදී  සිනමා ලෝලීන් වෙනුවෙන් ‘Black Panther’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි.

මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදු වන්නේ, ඉදිරි අවුරුදු 5 තුළදී සෞදියේ නගර 15ක් ආවරණය කරමින් සිනමා ශාලා 40ක් විවෘත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ පළමු පියවර ලෙසයි.

වසර 2030 දර්ශනය ලෙසින් එරට ආර්ථික සහ සමාජීය ප්‍රතිසංස්කරණයක් සඳහා වන යෝධ පියවර තැබුවේ, සෞදියේ මොහොමඩ් බින් සල්මාන් රජු විසිනි.

70 දශකයේදී සෞදි ආරබියේ සිනමා කර්මාන්තය ක්‍රියාත්මක වූ අතර විවිධ බලපෑම් මත එය වසා දමා තිබුණා.

ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, කාන්තා පිරිමි ලෙස සිනමා ශාලා තුළ කොටස් වෙන් නොකෙරෙනු ඇති බවයි. කෙසේ වෙතත් කුමන ආකාරයේ සිනමා නිර්මාණ මෙම සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය සඳහා අවසර ලැබෙන්නේ ද? යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි කර නැහැ.

සල්මාන් රජුගේ 2030 දැක්ම අනුව තෙල් අපනයනය මත පදනම්ව ඇති සෞදි ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ගොස් නව රැකියා අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩපිළිවෙළක් ඇතුළත්.

32 හැවිරිදි සල්මාන් රජු සෞදි අරාබියේ කාන්තාවන්ට පළමු වරට රිය පැදවීම සඳහා අවසරයද ලබාදෙනු ලැබුවා.

Top