සවුදියේ තිරිසන් ඝාතනයේ තවත් රහසක් හෙළිවෙයි

තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුලදී වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් පසු එය වසන් කිරීම සදහා දරන ලද තවත් වෑ්‍යමක් අනාවරණවී තිබෙනවා.
ඒ සී සී ටී වී දර්ශන අනුවයි.
ඒ අනුව මාධ්‍යවේදියා ඝාතන කර පැය කිහිපයකට පසු ඔහුගේ ඇදුම් හැදගත් ඔහුට සමාන පුද්ගලයකු තානාපති කාර්යාලයෙන් පිටත්ව යන ආකාරයක් වීඩියෝ දර්ශන තුල දැක්වෙන අතර ඔහු හැද සිටින සියලු ඇදුම් මෙන්ම කණ්නාඩි යුගල පවා අයත් වන්නේ ඝාතනයවූ මාධ්‍යවේදියාටයි.
එසේම එම තැනැත්තා පෙනුමෙන්ද ජමාලග් කෂෝගිට සමාන වනවා.
ඒ අනුව ඝාතනයවූ මාධ්‍යවේදියා තානාපති කාර්යාලයෙන් ආරක්ෂිතව බැහැරට ගිය බව පෙන්වීම සදහා වෙනත් පුද්ගලයකු යොදාගෙන ඇති බවයි හෙළිවන්නේ.මේ වන විට එම තැනැත්තාද හදුනාගෙන ඇති අතර ඔහු මුස්තපා අල් මදානි නම් අයකු බව සදහන්.
ඒ අනුව මෙම ඝාතන සැලැස්ම කල් තබා සූක්ෂමව සැලසුම් කළ තිරිසන් ක්‍රියාවක් බවයි පැහැදිලිව අනාවරණ වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *