සවුදියේ විදේශකයින්ගේ රැකියා අවධානමක් නෑලු

සවුදි අරාබියේ රජයේ ආයතනවල සේවය කරන විදෙස් ශ්‍රමිකයින් එම රැකියාවලින් ඉවත් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව එරට රජය නිවේදනය කර තිබෙනවා.
පසුගියදා සවුදි රජය නිවේදනය කළේ එරට රජයේ රැකියා වැඩි ප්‍රමාණයක් සවුදි අරාබි වැසියන්ට ලබාදීමට කටයුතු කරන බවයි.ඳා
එම තීරණය ස්ථිර එකක් වුවද විදෙස් ශ්‍රමිකයින් රැකියාවලින් ඉවත් කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි එරට සමාජ සේවා අමාත්‍ය, සුලෙයිමාන් අල්-හමඩන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.ඒ අනුව සවුදි රැකියා සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පතුරුවා හරින ප්‍රචාර නිවැරදි නොවන බවද ඔහු පැහැදිලි කර තිබෙනවා.