සවුදිය මාධ්‍යවේදියා මැරුවේ සැලසුම් කරලා / තුර්කියෙන් චෝදනා

සවුදි අරාබිය විසින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීම දිගු කළක සිට සකස් කර තිබූ සැලසුමක් අනුව සිදුකළ බව අනාවරණවී ඇතැයි තුර්කි ජනාධිපති තයිප් එර්ගොඩාන් මහතා පවසනවා.
ඔහු මේ බව අනාවරණ කළේ තුර්කියේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අදහස් දක්වමින්.
මෙම ඝාතනය සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මකවී ඇති අතරම එය දැඩි අමානුෂික අයුරින් සිදුව ඇති බවද තුර්කි ජනාධිපතිවරයා හෙළිකළා.
ඊට අදාළ පැහැදිලි සාක්ෂි තම රට සතු බවයි ඔහු අනාවරණ කරන්නේ.
මේ දක්වාම අනාවරණ නොවූ මාධ්‍යවේදියාගේ සිරුර පිළිබදව හා ඊට අණ ලබාදුන්නේ කවුරුන්ද යන්න සවුදි අරාබිය විසින් හෙලිකළ යුතු බවද තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එසේම මෙම සිද්ධියට අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබාදිය යුත්තේ තුර්කි නීතිය හමුවේ බවයි ඔහු අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *